කොවිඩ් – 19 ව්‍යාප්ත වීමේ අවදානමත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් නගරය හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව හැටන් නගර සීමාවෙන් පිටවීමට හෝ එම සීමාවට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.
