අද දිනයේ කොවිඩ් රෝග‍ින් 541ක්

by admindasun
0 comment 35 views

අද දිනයේ රාත්‍රි 10.30 පමණ වන විට මෙරටින් තවත් කොවිඩ් ආසා‍ධිතයින් 261ක් හදුනා ගැනීමත් සමග අද දිනයේදී හදුනා ගැණුනු මුළු කොවිඩ් ආසාධිතයින්ගේ සංඛ්‍යාව 541ක් බව රජ‌යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේය.

අලුතින් හදුනා ගැණුනු ආසාධිතයින්ගෙන් 27 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද 234 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය ආශ්‍රිතයන්ද වන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කලුවැව මහතා පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරුවලට අදාළ ආසාධිතයින්ගේ සංඛ්‍යාව 4939 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම නිවේදනයේ සදහන් වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment