මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාළව අද දිනයේ තවත් කොවිඩ් – 19 ආසාධිතයින් 113 හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
එම ආසාධිතයින්ගෙන් 05 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ 108 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයින්ගෙන් වාර්තා වුණු බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසයි.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සම්පූර්ණ ආසාධිතයින් සංඛ්‍යාව 1721 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම නිවේදනයේ සදහන් විය.
