කොවිඩ් – 19 වසංගතය සමග ලංකාවේ පවතින වර්තමාන තත්ත්වය ගැන තොරතුරු කිසිදු අයුරකින් මහජනතාවට සැගවීමක් සිදු නොකරන බව කොවිඩ් – 19 වසංගතය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා News Unlimited වෙත පැවසුවේය.
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර මුල් කර ගෙන වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව රජය විසින් ජනතාවට සගවන බවට සමාජ මාධ්‍ය ජාලාවල මෙන්ම ජනතාව අතර පැතිර යන කට කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු කියා සිටියේය.
තව දුරටත් අදහස් දැක්වූ යුධ හමුදාපතිවරයා පැවසුවේ මේ වන විට වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් වන සියලු තොරතුර සෑම දිනකදීම ඒ අයුරින්ම මාධ්‍ය හරහා ජනතාවට ලබා දෙන බවයි.
එසේම මේ වන විට මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවට අනුයුක්ත සියලු සේවකයින් සහ ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් හදුනාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බවත් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවකයන්ගේ දෙවන සහ තෙවන ආශ්‍රිතයින් සොයා සිදු කෙරෙන කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වන අතර එම විමර්ෂණ කටයුතු අවසන් කෙරෙන තුළ දැනට ඇදිරි නීතිය පවතින ප්‍රදේශවල ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවත් ඔහු පැවසුවේය.
නව රෝගීන් හදුනා ගැනීම පිළිබදව අදහස් දැක්වූ ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ දැනට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිසට පීසීීීීීීආර් පරීක්ෂණ සිදු කෙරෙන අතර සමාජයෙන් හදුනා ගන්නා ආශ්‍රිතයන්ගේද පීසීආර් පරීක්ෂණ කොවිඩ් – 19 බවට තහවුරු වුවහොත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සදහා සැනින් යොමු කිරීමට කටයුතු සලස්වා ඇති බවයි.
