වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටද වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයෙන් පිටවීමට හෝ එම ප්‍රදේශයට ඇතුළු වීම නතර කර ඇත.
දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් – 19 ආසාධිතයෙකු වාර්තා වීමත් සමග අද උදෑසන දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලටද යළි දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පනවන ලදී.
