දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් – 19 ආසාධිතයෙකු හදුනා ගැනීමත් සමග උද්ගතවී ඇති තත්ත්වය සැළකිල්ලට ගෙන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙතින් සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ පමණක් පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.
මෙහිදී දෙපාර්තමේන්තු පරිශ්‍රයට මහජන පැමිණීම සීමා කර ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු දෙපාර්තමේන්තු එක් දින හා සාමාන්‍ය සේවා කවුළ තාවකාලිකව වසා තබන බව ඔහු කියා සිටියේය.
මේ පිළිබදව යම් ගැටළුවක් මතුවේනම් 1911 ක්ෂණික ඇමතුම් අංකය අමතා වැඩිදුර තොරතුරු ලබා ගන්නා ලෙසත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
