20ට එරෙහි පෙත්සම් සලකා බැලීම අද ඇර‌ඹේ

by admindasun
0 comment 56 views

පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනු කරන ලද පෙත්සම් සලකා බැලීම අද දින ආරම්භ වේ. ඒ අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේය.
ඊයේ සවස වන විට 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 39ක් ඉදිරිපත් වී තිබුණු අතර ඉන් පෙත්සම් 21ක්ම ඉදිරිපත් කෙරුණේ ඊයේ දිනයේදීය.
සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් එස්. හූල්, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ඇතුළු 21 දෙනෙකු ඊයේ මෙම පෙත්සම් ගොනු කරන ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment