මාතරදී ඊයේ කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට තහවුරු වූ බව පැවසූ රුසියානු ජාතිකයාට කොවිඩ් – 19 ආසාධනය වී නොමැති බවට සෞඛ්‍ය අංශවලින් තහවුරු කරගෙන ඇත.
එම රුසියානු ජාතිකයාට මාතර නගරයේ පෞද්ගලික රෝහලකින් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් කොවිඩ් – 19 බවට තහවුරු වීම නිසා ප්‍රතිකාර සදහා හම්බන්තොට රෝහලට යවන ලදී.
කෙසේ වෙතත් හම්බන්තොට රෝහලේදී එම රුසියානු ජාතිකයාට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ කොවිඩ් – 19 ආසාධනය වී නොමැති බවයි.
මෙම රුසියානු ජාතිකයාට තවත් පීසීආර් පරීක්ෂණයක් හෙට දිනයේදී සිදු කිරීමට නියමිත අතර එහි ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියා මාර්ග තීරණය කරන බව හමුබන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේය.
මෙම රුසියානු ජාතිකයා ඉකුත් 13 වැනි දින මත්තලට පැමිණී පසු සිදු කල පළමු පීසීආර් පරික්ෂාව නෙගටිව් වී තීබුණි.
නැවත මෙරටින් යාමට පෙර ඊයේ (23) මාතර දී සිදු කල දෙවැනි පී.සී.ආර්.පරික්ෂාව පොසිටිව් වී තිබුණේය.
හම්බන්තොට මහ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට යවන ලද අතර එහි සිදු කල තෙවැනි පීසීආර් පරික්ෂාව නෙගටිව් වී තිබේ.
සිව් වැනි පරික්ෂාව අද රාත්‍රියේ සිදු කිරීමෙන් පසු තවත් පීසීආර් පරික්ෂණ දෙකක් සිදු කිරීමට නියමිත බව එම රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.
