කොවිඩ් රෝගියෙක් නිසා මාතර කැළඹෙයි

by admindasun
0 comment 77 views

මාතර ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට කොවිඩ් – 19 වැළදී ඇති බවට තහවුරු වීමත් සමග මාතර නගරයේ ජනතාව කලබලයට පත් වී ඇති බව වාර්තා වේ.

එම රෝගියා විදේශගතවීමට ප්‍රථම මාතර නගරයේ පෞද්ගලික රෝහලකින් පීසීආර් පරික්ෂාව සිදු කළ විට මේ බව තහවුරු වී ඇති අතර එනිසා ඔහු ලැගුම්ගෙන සිටි හෝටලයේ කාර්ය මණ්ඩලය ඇතුළු 100කට අධික පිරිසක් පීසීආර් පරීක්ෂණ සදහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

කෙසේ වෙතත් එම පුද්ගලයා ගමන් ගත්තේ යැයි කියන ත්‍රිරෝද රථය භාවිත කරන ලද අදාළ ප්‍රදේශයේ අනෙකුත් ජනතාවද මේ සම්බන්ධයෙන් කලබලයට පත්වී ඇත.

ඒ අනුව දෙමව්පියන් පැමිණි පාසල්වලින් තම දරුවන් රැගෙන යාමට කටයුතු කර ඇති බවත් වාර්තා වේ.

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එම රෝගියා සම්බන්ධ වුණු ස්ථානවල අය මේ වන විටත් පීසීආර් පරීක්ෂණ සදහා යොමු කර ඇති අතර අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන ලෙසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment