මිලින්ද මොරගොඩ ඉන්දියානු තානාපති කරනවාට ආණ්ඩුවේ අයම විරුද්ධ වෙයි

by admindasun
0 comment 65 views

ඉන්දියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා පත් කිරීමට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව තම විරෝධය පල කරයි.

ජාතික සංවිධාන එකමුතුවේ විධායක කමිටු සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර පැවසුවේ මිලින්ද මොරගොඩ මහතා ඇමෙරිකානු රජයේ ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කොට ඇති බව 2002 සිට ඇමෙරිකානු තානාපතිවරුන් 4 දෙනෙකු විසින් යවන ලද කේබල් පණිවිඩ 150 කට අධික ප්‍රමාණය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන බව බොහෝ පාර්ශ්වයන් විසින් හෙළිදරව්කොට ඇති බවයි.

‘Wickileaks’ මඟින් එළිදරව් වූ එම පණිවිඩවල ඔහු ඇමෙරිකානු ඔත්තුකරුවෙකු බව සෘජුව සඳහන් නොවුනත් එම කේබල් බොහෝමයක යටි පෙළ කියවීමේදී ඒ බව ඉතා හොඳින් පැහැදිලි වන බව වෛද්‍ය බණ්ඩාර කියා සිටියේය.

ඊට අමතරව ඔහු රාජ්‍ය දේපළ අවතක්සේරු කොට තමාට හිතවාදී පුද්ගලික ආයතනවලට විකිණීම සඳහා තම අමාත්‍ය බලතල අයුතු ලෙස යොදාගෙන ඇති බව නඩු තීන්දු දෙකකින් ප්‍රකාශයට පත්වී ඇති අතර ඒ අනුව ඔහුට විරුද්ධව නඩු දැමිය යුතු බවට අධිකරණය විසින් නීතිපතිවරයාට දන්වා ඇති බැවින් ඕනෑම අවස්ථාවක ඔහු චූදිතයෙකු බවට පත් කොට අධිචෝදනා බාර දීමේ හැකියාව ඇති බවත් ඔහු කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර පැවසුවේ එවැනි පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාළ ප්‍රභල බලපෑමක් කළ හැකි රටක මහ කොමසාරිස්වරයා ලෙස පත්කිරීම මගින් සමස්ථ තානාපති සේවය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇති බවයි.

එබැවින් මිලින්ද මොරගොඩ මහතා අදාළ පත් කිරීම සඳහා නිර්දේශ නොකරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන එකමුතුව විසින් පාර්ලිමේන්තුවේ උසස් බලතල පිළිබද කාරක සභාවට ලිපියක් මගින් දැනුම් දුන් බවද වෛද්‍ය බණ්ඩාර පැවසුවේය.

ජාතික සංවිධාන එකමුතුව යු වර්තමාන ආණ්ඩුව බලයට පත් කරවීම සදහා කැපී පෙනෙන මෙහෙයක් සිදු කරන ලද ජාතික සංවිධානයකි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment