ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ මේ වන විට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අත්තනෝමතික ලෙස පත්කළ නිළධාරීන් ඉවත් කර යළි යථා තත්ත්වයට පත් නොකරන්නේ නම් එළඹෙන සැප්තැම්බර් 21 වන දින සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.
වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය රැක ගැනීම සදහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය යෝජන රැසක්ද ඉදිරිපත් කරන බව සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කළ යුතු අතර වසර 02කට ආසන්න කලායක් වෛද්‍ය සභාවේ පුරප්පාඩු වී ඇති ඡන්දයෙන් පත්වන සාමාජිකයන් සදහා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් වෛද්‍ය සංගමය පවසයි.
තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දුට අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත් කළ තම පෞද්ගලික නාර්ය මණ්ඩලයේ අය එම සභාවෙන් ඉවත් කළ යුතුය. වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය රැකිය හැකි සභාපතිවරයෙකු පත් කිරීම සහ පරිපාලන මූලධර්ම උල්ලංඝණය කරමින් වෛද්‍ය සභාවට පත්කළ වැඩබලන සහකාර ලේඛකාධිකාරීවරයා ඉවත් කළ යුතුය.
මෙම ගැටලු සැප්තැම්බර් 21 වන දිනට පෙර විසදුවේ නැතිනම් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹෙන අතර එම සතිය තුළදී හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට මේ වන විටත් තීරණය කර ඇති බව වෛද්‍ය ප්‍රනාන්දු පැවසුවේය.
previous post
