2019 දී බඳවාගත් අභ්‍යාසලාභීන් ස්ථිර කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව මේ වන තෙක් ඉදිරිපත් කර නොමැති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්යස්ථානය පවසයි.
නියමිත ක්‍රමවේදයට අනුව එසේ අභ්‍යාසලාභීන් ලෙස බදවාගත් උපාධිධාරීන් වසරකින් ස්ථිර කළ යුතු වුවද ආණ්ඩුව එය දිගින් දිගටම මග හරිමින් සිටින බව ඒකාබද්ධ සංවර්ධන නිළධාරී මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ධම්මික මුණසිංහ මහතා පැවසුවේය.
අභ්‍යාසලාභී උපාධිධාරීන් දැනට වසරක පුහුණුව අවසන් කර ඇතත් මාස 5කින් පුහුණුව තවත් දීර්ඝ කර ඇති බවත් ඔහු කියා සිටියේය.
මෙයට විරෝධය දක්වමින් සැප්තැම්බර් 14 උදේ 10 ට මානව හිමිකම් නිලධාරීන් සමගත් 11.30 ට මුදල් අමාත්යාංශ නිලධාරීන් සමගත් 2019 බඳවාගත් එම සංගමයේ නියෝජිතයන් පිරිසක් සාකච්ඡා කිරීමටද බලාපොරොත්තු වන බව මුණසිංහ මහතා තව දුරටත් කියා සිටියේය.
