දිස්ත්‍රික්ක 05ක නායයාමේ අවදානමක්

by admindasun
0 comment 53 views

මේ වන විට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමග රට පුරා දිස්ත්‍රික්ක පහක නායයාමේ අවදානමක් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල නායයාම් අවදානමක් ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද සවස නිවේදනයක් නිකුත් කළේය.

මෙම නිවේදනයට අනුව අදාළ දිස්ත්‍රික්කවල නායයාමේ තර්ජණයට ලක්විය හැකි ප්‍රදේශවල පදිංචිව සිටින ජනතාවට අවදානයෙන් පසුවන ලෙස දන්වා සිටී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment