පසුගියදා ලංකාව පුරා විදුලිය බිද වැටීම විදුලිබල අමාත්‍යංශයේ අතපසුවීමක් හේතුකොටගෙන සිදුවූවක් නම් තමා ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය.
තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් කරුණු සෙවීම සදහා පත් කළ කමිටුවේ වාර්තාව හෙට සවස නිකුත් වීමට නියමිත අතර එම වාර්තාවට අනුව අමාත්‍යංශය වැරදි නම් ඒ වරද පිළිගෙන අනිද්දා තමන් අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වන බවයි.
තමා අමාත්‍ය ධූරය බාර ගෙන පැය 96ක පමණ කාලයකදී මෙසේ ලංකාවටම විදුලි බලය ඇණ හිටීම වාර්තා වුණු අතර ඊට පැය කිහිපයකට පසු ඒ ගැන සෙවීම සදහා අමාත්‍යංශයේ ලේකම්වරිය හරහා කමිටුවක් පත් කළ බවත් ඔහු කියා සිටියේය.
අලහප්පෙරුම මහතා තව දුරටත් පවසා සිටියේ තමා තවමත් මෙම විෂයට නවකයෙකු වන අතර ඒ පිළිබදව අධ්‍යයනය කරමින් සිටින බවයි.
මේ අයුරින්ම තමා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත්වුණු අවස්ථාවේදීද එම අමාත්‍යංශය පිළිබදව මුලින් අධ්‍යයනය කළ අතර වසර 04ක පමණ කාලයක් තුළ කිසිදු වැඩ වර්ජණයකින් තොරව අමාත්‍යංශය පවත්වාගෙන ගිය බවත් ඔහු සිහිපත් කළේය.
