ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කොළඹ, ටොරිංටන්හී පිහිටි ක්‍රීඩක නේවාසිකාගාරවල පවතින අඩුපාඩු හා ගැටළු සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පසුගියදා එහි ගියේය.
ක්‍රීඩක නේවාසිකාගාරයේ අඩුපාඩු රැසක් දුටු ඇමතිවරයා කඩිනමින් මෙම අඩුපාඩු සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරින්ට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
ක්‍රීඩකයින් පුහුණුවීම කර, මහන්සි වී පැමිණ නිදාගැනීමට භාවිත කරන ඇදන් දැඩි අබලන් තත්ත්වය පැවති අනෙකුත් පහසුකම්වලද තත්ත්වය එසේම විය. මෙවැනි අඩුපාඩු සකස් කරදී ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඉහළට ගෙනඒම පිළිබදව මෙහීදි කතාබහට ලක්වූ බවත් අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසුවේය.
රට වෙනුවෙන් ක්‍රීඩා කරන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිම වෙනුවෙන් තමන්ගේ අනාගතයම කැපකරන බවත් ඔවුන්ව රැක බලාගැනීම ජාතියක් ලෙස අපගේ වගකීමක් බවත් නව ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

