ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් ගණන 300යි

by admindasun
0 comment 19 views

කොවිඩ් – 19 ආසාධනය වීමෙන් තවමත් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 300ක් වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද දිනයේදී එක් කොවිඩ් රෝගියෙක් පොළොන්නරුව ලංකාපුර කොවිඩ් රෝගියාගේ සමීපතමයින් අතරින් තහවුරු වූ අතර එම රෝගියා නිරෝධායනය වෙමින් සිටි අයෙක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.

තවද සවුදි අරාබියේ සිට පැමිණි පුද්ගලයන් අතරින් අද දිනයේදී කොවිඩ් බවට තහවුරු වූ 04 දෙනෙකු හදුනාගත් බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තව දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශවාසීන්ට මේ වන විට පීසීආර් පරීක්ෂණ 1200ක් පමණ සිදු කර ඇති අතර මේ වන විට ඉන් 942ක ප්‍රතිඵල නිකුත් වී ඇත.

වෛද්‍ය ජාසිංහ පැවසූ පරිදි ඉන් එක් අයෙක්වත් කොවිඩ් රෝගීන් ලෙස තහවුරු වී නොමැතිි බවයි.

මේ වන විට සුවය ලබා පිටව ගිය කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 2517ක් පමණ වන අතර මෙරටින් වාර්තා වූ මුළු කොවිඩ් – 19 රෝගීන්ගේ සංඛ්‍යාව 2828ක් පමණ වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment