කන්දකාඩුවෙන් මේ වන තෙක් කොවිඩ් රෝගීන් 506ක්

by admindasun
0 comment 51 views

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළින් සහ ඒ අශ්‍රිතයන්ගෙන් මේ වන විට කොවිඩ් 19 ආසාධිත වූ බවට තහවුරු වූ සංඛ්‍යාව 506ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

ඒ අනුව අද සවස වන විට මෙරට කොවිඩ් ආසාධිතයන්ගේ මුළු සංඛ්‍යාව 2,644 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේය.

මෙම කොවිඩ් – 19 රෝගීන් 506 දෙනා අතරින් 429 දෙනෙක් රැදවියන් වූ අතර 47 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වේ. එසේම 30 දෙනෙකු ඔවුන්ගේ සමීපතමයන් වන බව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment