කොවිඩ් – 19 වසංගතය සම්බන්ධයෙන් මෙරට ඇතිවී තිබෙන වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිරිසිකට සහ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනකුට මේ වන විට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත.
මේ හේතුවෙන් ලංකාව පුරා කොවිඩ් – 19 ව්‍යාප්ත වීමක් ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඇතැමුන් අසත්‍ය ප්‍රචාර සිදු කරමින් සිටින අතර එවැනි පුද්ගලයන් පිළිබදව මේ වන විටත් විමර්ෂණ ආරම්භ කර ඇති බවත් ඔහු කියා සිටියේය.
