මහ ඡන්දයෙන්  දිගාමඩුල්ල උණුසුම් වන ලකුණු 

by admindasun
0 comment 52 views

මෙවර මහ මැතිවරණයේදී දිගාමඩුල්ල දිස්ත්‍රික්කය  ආශ්‍රිතව උණුසුම්කාරී මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනු ඇතැයි කැෆේ සංවිධානය අනුමාන කරයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ධ අහම්ඩ් මනාස් මකීන් මහතා සඳහන් කලේ දිගාමඩුල්ලේ   ස්ථාන  තුනක් “හොට්ස්පොට්ස්” ලෙස හඳුනා ගෙන ඇති බවයි.

ඒ අනුව පොතුවිල්, සයින්දමරුදු සහ අක්කරපත්තුව යන ප්‍රදේශ මෙම ස්ථාන තුන වන අතර මේ වනවිට එම ප්‍රදේශ ආශ්‍රිතව වෛරී ප්‍රකාශවල ඉහළ යාමක් සහ සුළු ප්‍රචණ්ඩකාරී තත්වයක් වාර්තා වන බව අහමඩ් මනාස් මකීන් මහතා පවසයි.

අක්කරපත්තුව ප්‍රදේශයෙන් මෙවර මැතිවරණයේ ප්‍රථම දේපළ හානි කිරීම වාර්තා වු බව පෙන්වා දෙන මනාස් මකීන් මහතා කියා සිටියේ ජාතික සමඟි ජන බලවේගයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් අපේක්ෂක තවාම් මහතා ගමන් ගත් රථයකට අක්කරපත්තුව ප්‍රදේශයේදී කිසියම් පිරික් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන් කළේය.

මේ අනුව මෙවර මැතිවරණයේදී මෙම කලාපය ආශ්‍රිතව දැඩි උණුසුම්කාරී තත්වයක් නිර්මාණය වනු ඇති බැවින් විශේෂයෙන් එම ප්‍රදේශවල පොලිස් ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගත යුතුව ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයා පෙන්වා දෙයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment