ජ්‍යේෂ්ඨ පුරවැසි තැන්පතු පොලී අඩු කළ බවට චෝදනා

by admindasun
0 comment 25 views
මේ වන විට ආණ්ඩුව විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කර ඇති අතර ඔවුන්ගේ ගිණුම්වලට ලබා දෙන පොලියද අඩු කර ඇති බවට සමගි ජන බලවේගය චෝදනා කරයි.
එම සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනූෂ නානායක්කාර මහතා පැවසුවේ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතුවලට ලබා දෙන පොලී මුදල මේ වන විට සියයට අට දක්වා අඩු කර ඇති බවයි.
අනාගතයේ බිහිවන තම ආණ්ඩුවෙන් එම පොළී මුදල් යළි වැඩි කිරීමට කටයුතු කරන බවත් නානායක්කාර මහතා පැවසුවේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පසුගියදා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
එසේම තමා මුදල් අමාත්‍යවරයා ලෙස සිටින තාක්කල් එම පොලී අඩු කිරීමට කටයුතු නොකරන බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment