සා. පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැදවයි

by admindasun
0 comment 20 views

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සදහා 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සදහා අයදුම්පත් 2020 ජූලි මස 17 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ විභාග දෙපාර්තමේන්තුව වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ ආදර්ශ අයදුම්පත් 2020 ජුනි මස 26 වන දින ජාතික පුවත්පත්වල පළ කර ඇති අතර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.doenets.lk වෙතින්ද ලබාගත හැකි බව ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් යම් කිසි විමසීමක් අවශ්‍ය වන්නේනම් 0112785231, 0112785216, 0112784037 යන දුරකථන අංකවලින් හෝ 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් පාසල් විභාග ඇගයීම් ශාඛාව අමතන ලෙසත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment