වාහන දුම් පරීක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ඩ්‍රයිව්ග්‍රීන්

by admindasun
0 comment 92 views

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාහන දුම් පරීක්ෂණ ජාලය වන ඩ්‍රයිව්ග්‍රීන්, සෞඛ්‍ය සම්පන්න රටක් නිර්මාණය කිරීමේ සිය දැක්ම අනුව යමින් රජයේ වායු ගුණාත්මක ප්‍රමිතීන් සපුරාලන අන්දමින් සිය ව්‍යාපාර මෙහෙයුම් සිදුකිරීමට කැප වී සිටී.

2008 වර්ෂයේදී ආරම්භ වූ ඩ්‍රයිව්ග්‍රීන් ආයතනයේ කළමනාකාරීත්වය භාරව CleanCo Lanka සමාගම කටයුතු කරන අතර, අති නවීන උපකරණ, අන්තර්ජාතික සහතික මෙන්ම දක්ෂ, කැපවුණු සහ සුහදශීලී කාර්ය මණ්ඩලයක් ද සමඟින් පාරිභෝගිකයන්ට උසස් සේවාවක් ලබාදීමට ඩ්‍රයිව්ග්‍රීන් නිබඳව සූදානමින් සිටී.

වාහන දුම් පරීක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් ඉහළ නංවමින් CAPELEC පරීක්ෂණ උපකරණ භාවිත කිරීම ද ඩ්‍රයිව්ග්‍රීන් මේ වන විට ආරම්භ කර තිබේ. ප්‍රංශ නිෂ්පාදනයක් වන එය, ලොව නවීනතම දුම් පරීක්ෂණ උපකරණ සන්නාමය ලෙස ද සැලකේ. යුරෝපා සංගමයට අයත් රටවල වාහන දුම් පරීක්ෂාව සඳහා ප්‍රධානම උපකරණ සැපයුම්කරු වන්නේ ද CAPELEC සමාගම යි.

“අපගේ වාහන දුම් පරීක්ෂණ ක්‍රියාවලියත්, යන්ත්‍ර සූත්‍රත් සියල්ල ක්‍රියාත්මක වෙන්නේ,  පරිගණක හරහා යි. ‍‌මේ නිසා මිනිස් මැදිහත්වීම් අවම යි. නවීන තාක්ෂණය භාවිත කරන නිසා, ස්වයංක්‍රීයව දුම් පරීක්ෂණ ප්‍රතිඵල ලබාගැනීමටත් පුළුවන්. ඒ වගේම පරීක්ෂණයේ ප්‍රතිඵල කිසිම හේතුවක් මත වෙනස් කිරීමටත් නොහැකියි”, යනුවෙන් ඩ්‍රයිව්ග්‍රීන්හි නවීන තාක්ෂණ භාවිතය පිළිබඳ අදහස් දක්වමින් CleanCo Lanka සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්), සුරේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය.

උපරිම ගුණාත්මක භාවයෙන් යුත් උපකරණ හා ක්‍රියාවලි භාවිත කිරීම සඳහා වූ ඩ්‍රයිව්ග්‍රීන් කැපවීම අගයමින් ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින් පරීක්ෂණ ආයතන සඳහා පිරිනමන නවතම ජාත්‍යන්තර ප්‍රතීතනය වන ISO-IEC 17020: 2012 ද ඊට හිමිව තිබීම විශේෂත්වයකි. එම සහතිකය දිනාගත් පළමු ආයතනය වන්නේ ද ඩ්‍රයිව්ගීන් ය.

තව ද ආයතනය සතු 100කට වැඩි දුම් පරීක්ෂණ මධ්‍යස්ථාන සියල්ල තුළ මෙසේ ISO සහතික ක්‍රමවේදයන්ට යටත්ව දුම් පරීක්ෂාව සිදුවේ. එනිසා පාරිභෝගික භවතුන්ට අඛණ්ඩ විශ්වාසනීයත්වය රැගත් ප්‍රතිඵල සහ වඩා ආරක්ෂිත සහ කාර්‍යක්ෂම සේවාවක් එහිදී හිමි වේ.

“අපගේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් CAPELEC සහ ESP යන නිෂ්පාදන සමාගම් දෙක යටතේ ම හොඳ පුහුණුවක් ලබා තිබෙනවා. ඒ වගේම තාක්ෂණික දැනුම යාවත්කාලීන කරගනිමින් අපගේ දුම් පරීක්ෂණ උපකරණ සැපයුම්කරුවන් සමඟ ශක්තිමත් සම්බන්ධතාවයකුත් අපි ගොඩ නඟාගෙන තිබෙනවා”, යැයි සුරේන්ද්‍ර පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

ඩ්‍රයිව්ග්‍රීන් සතු මිරිහා‍නේ පිහිටි ප්‍රධාන වැඩ ඒකකය, අන්තර්ජාතික ප්‍රමිතීන්ට ගැළපෙන ලෙස අති නවීන පහසුකම්වලින් යුතුව නිර්මාණය කර තිබේ. එමගින් ඉහළ පුහුණුවත් ලත් කාර්මික ශිල්පීන් යටතේ තාක්ෂණික සේවා රැසක් සැපයේ.  වාහන දුම් පරීක්ෂාවට අදාළ ඕනෑම සේවාවක් ද මෙහිදී ලබාගත හැක.

සිය සේවකයින්ගේ කාර්මික කුසලතා අඛණ්ඩව වර්ධනය කිරීමට කැපවී කටයුතු කරන ඩ්‍රයිව්ග්‍රීන්, නවීන පුහුණු මධ්‍යස්ථානයක් ද කැස්බෑව ප්‍රදේශයේ ස්ථාපිත කොට තිබේ. වාහන දුම් පරීක්ෂා කිරීම් ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන්නන්ට පුහුණුව ලබාදීම සඳහා අවසරය සහ අධිකාරිය ලත් එකම ස්ථානය වන්නේ ද මෙම පුහුණු මධ්‍යස්ථානයයි. එමෙන්ම වාහන දුම් පරීක්ෂා ක්ෂේත්‍රයට අලුත් තාක්ෂණය යොදාගැනීමේ  අරමුණ ඇතිව, වැදගත් පර්යේෂණ හා සංවර්ධන කටයුතු ද මෙම මධ්‍යස්ථානය හරහා ක්‍රියාවට නැංවේ.

ඩ්‍රයිව්ග්‍රීන් සහ වෘත්තීය පුහුණු අධිකාරිය අතර ශක්තිමත් සහයෝගීතාවක් ඇති අතර, ඒ ඔස්සේ මෙම පුහුණු මධ්‍යස්ථානයට තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අවසරය ද හිමිව තිබේ. මෙහි පවත්වන  සෑම පුහුණු පාඨමාලාවක් ම එම කොමිෂන් සභාවේ ලියාපදිංචි කර ඇත. හත්සියයක් වන ඩ්‍රයිව්ග්‍රීන් සේවකයින් අතරින් 75%ක්ම ප්‍රාදේශීය වෘත්තීය පුහුණු ආයතනවල කාර්මික පුහුණුව ලැබූ, NVQ සුදුසුකම් සම්පූර්ණ කළ ඉහළ නිපුණතාවයකින් හෙබි කාර්මිකයින් වීම  වඩාත් කැපීපෙනේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment