අද දිනයේදී නව කොවිඩ් රෝගීන් 19 දෙනෙකු වාර්තා වුණු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේය.
මෙම රෝගීන් සියල්ල බංගලාදේශයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව කොවිඩ් – 19 ආසාධනය වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 383 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මේ වන තෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති මුළු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද අද දිනයේදී 2033 දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් අද දිනයේදීද රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන් 20 දෙනෙකු සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
ඒ් අනුව සුවය ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 1639 දක්වා ඉහළ ගොස් ඇති අතර කොවිඩ් – 19 සම්බන්ධයෙන් සැක සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 42කි.
