මෙරට බන්ධනාගාර අපරාධකාරයන්ගේ අභ්‍යාස විද්‍යාලයක් බවට පත්වවී ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පැවසුවේය.
අද දින වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වවීමෙන් අනතුරුව නිළධාරීන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
තව දුරටත් අදහස් දැක්වූ ලිවේරා මහතාට අනුව බන්ධනාගාරය තුළ අල්ලස දූෂණය රජවී ඇති අතර දූෂිත නිළධාරීන් රැදවියන්ට විවිධ කාරණා සදහා උදවු කරන අතර එම නිළධාරීන් රැකබලා ගැනීමට රැදවියන් කටයුතු කර ඇත.
මෙම තත්ත්වය වැළැක්වූයේ නැත්නම් මේ රට ගොඩනැගීමට නොහැකි බවත් ඔහු කියා සිටියේය.
ලිවේරා මහතා පැවසුවේ එවැනි ක්‍රියාවලට යොමු වී ඇති නිළධාරීන්ට සහ රැදවියන්ට එරෙහිව තමා නීතිය ක්‍රියාත්මක කරන අතර එම තත්ත්වය නැවැත්වීමට සැම දෙනාගේ සහයෝගය ලබා දිය යුතු බවත්ය.
බන්ධනාගාර බුද්ධි අංශය ශක්තිමක් කළ යුතු අතර තොරතුරු ලබා දෙන රැදවියන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් නීතිපතිවරයා මෙහිදී පැවසුවේය.
