ලෝක කුසලාන අවසන් තරගය පාවාදීම ගැන මහින්දානන්ද කතා කරයි

by admindasun
0 comment 103 views

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ක්‍රීඩා කළ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පාවා දීමක් ලෙස එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා චෝදනා කිරීමත් සමග දෙස් විදෙස් ක්‍රීඩා ලෝකයේ මෙන්ම දේශපාලන වේදිකාවේද ප්‍රධාන මාතෘකාවක් බවට එය පත්විය.

ඒ අනුව අදාළ චෝදනවා පිළිබද පිළිබදව සෘජුවම කතා කිරීමට අප හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්බන්ධ කර ගත්තේය. පහළින් දැක්වෙන්නේ ඔහු සමග සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලද ලිපියකි.

News Unlimited: 2011 ක්‍රිකට් ලෝක කුසලානය සමයේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඔබ මෙවැනි චෝදනාවක් කරන්නේ වගකීමෙන්ද?
හිටපු අමාත්‍යවරයා: පැහැදිලිවම. මම සාමාන්‍යයෙන් ප්‍රකාශයක් කරන්නේ ඉතාම වගකීමෙන්.  එවැනි ප්‍රකාශයක් සිදු කිරීමට මෙන්ම ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය කාරණ මා සතුව තිබෙනවා.

News Unlimited: එසේනම් ඇයි ඔබ මේ බව හෙළි කිරීමට වසර 09ක් වගේ දිගු කාලයක් බලන් හිටියේ? ඡන්දෙ නිසා වාසිි ලබා ගන්න නෙමෙයිද මේ අවස්ථාවෙ මෙවැනි කතා කියන්නෙ?
හිටපු අමාත්‍යවරයා: මම මේ බව හෙළි කළ පළමු වතාව මෙය නොවෙයි. මම මේ ගැන කතා කරන තුන්වන අවස්ථාව තමයි මේ. එහෙම කවුරු හරි කියනවානම් ඔවුන්ට ඒ ගැන හරි හැටි දැනුමක් නෑ. මැතිවරණයෙන් වාසි ලබා ගන්න දෙයක් නෑ. මැතිවරණය කොහොමත් වාසි අපිට තමයි. ඡන්දෙ ඉවර වෙනකොට බලාගන්න පුලුවන් මැතිවරණයේ මහින්දානන්ද කොහේද ඉන්නෙ කියල.

News Unlimited: එහෙනම් ඔබට තිබුණනේ මේ පිළිබදව වගකිව යුතු ආයතනය වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කරන්න. අවුරුදු 09ක් බලන් හිටියෙ ඇයි?
හිටපු අමාත්‍යවරයා:
ඇත්තටම මම මේ ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුුුුුුු කවුන්සිලයට පැමිණිලි කළේ 2012දීමයි. ඒත්ඒ පිළිබදව නීතිමය අයුරින් කටයුුුුතු කිරීමට ඒ වෙනකොට අපේ රටේ තරග පාවාදීම සම්බන්ධයෙන් නීති තිබුණෙ නෑ. මම ක්‍රීඩා ඇමැති විදියට 2015දී අපේ ආණ්ඩුව අවසන් වෙනකොට තරග පාවාදීම සම්බන්ධ පනතකුත් අභිනවයෙන් සකස් කිරීමට කටයුතු කළ. එහෙත් ඉන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ සම්බන්ධයෙන් විමසුවේ නැහැ.
කෙසේ වෙතත් මේ අවස්ථාවේ මම මේ කාරණය පිළිබද නැවත කතා කිරීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී කමිටුව මම මුණ ගැසී ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව පැවසුවා. ඒ සදහා මම කැමැත්ත පල කළ අතර ඉදිරියේදී මම ලබා දෙන ප්‍රකාශය අනුව ඔවුන් පරීක්ෂණ කටයුතු සිදු කරාවි.

News Unlimited: මේ සම්බන්ධයෙන් ඔබ කෙළින්ම චෝදනවා එල්ල කරන්නේ කා හටද?
හිටපු අමාත්‍යවරයා:
මේ සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණයක් ආරම්භ කර ඇති නිසා සියලු කරුණු මට ප්‍රකාශ කරන්න අමාරුයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු තේරීම් කමිටුව පැහැදිළි වගකීමක් ලබාගන්න වෙනවා. මොකද ලෝක කුසලාන සංචිතයට තේරීම් කමිටුව විසින් තෝරාගත් කණ්ඩායම අවසනායේදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියෙන් තරග බිමට පිවිසෙනවා. කෙසේ වෙතත් එසේ අනුමත වූ කණ්ඩායමේ වෙනස්කම් 04ක් සිදුකර තමයි අවසන් තරගයට සහභාගී වුණේ. ඉන් එක් ක්‍රීඩකයන් දෙනෙක් ලංකාවෙන් ගෙන්වා ගත්තා. සනත් ජයසූරිය වැනි පලපුරුදු ක්‍රීඩකයන් සිටිද්දී කවදාවත් ලෝක කුසලානයක් ක්‍රීඩා කර නොතිබුණු ක්‍රීඩකයෙකුත් ඒ අතර වුණා. කෙසේ වෙතත් එසේ ගෙන්වා ගත් ක්‍රීඩකයින්ගෙන් එක් අයෙක් ක්‍රීඩා කළෙත් නෑ.
ඊළග කාරණය තමයි අපි කණ්ඩායම නම් කරල එළියට දාන්න කලින් ඒ කණ්ඩායම ඉන්දියාවේ පත්තරවල යනවා. එහෙම වෙන්න මම කියන ආකාරයේ තරග පාවාදීමේ කටයුත්තක් සිදු කර යුතුයි.

News Unlimited: එතකොට ඔබ චෝදනා කරන්නේ හිටපු තේරීම් කමිටුවටද?
හිටපු අමාත්‍යවරයා:
පැහැදිලිවම. මම නම් කියන්න කැමති නෑ. තේරීම් කමිටුවේ එදා හිටිය අය අද මෙරට වාහන සමාගම්වල අයිතිකාරයො බවට පත් වෙලා. අනිත් එක මම විතරක් නෙමෙයි මේ ගැන කියන්නෙ. හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මෙන්ම හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරත් මේ ගැන කිහිප වරක් ප්‍රසිද්ධියේ පැවසුවා.

News Unlimited: මේ සම්බන්ධයෙන් සමහරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම ඔහුගේ පුත් නාමල් රජපක්ෂ හිටපු මන්ත්‍රීවරයාටත් චෝදනා කරනවා. විශේෂයෙන් ඔවුන් එදා ක්‍රීඩාගාරයේ සිට මෙම කටයුතු මෙහෙයවූ බවට. මේ සම්බන්ධව ඔබ කියන්නෙ කුමක්ද?
හිටපු අමාත්‍යවරයා:
මම මේ කියන චෝදනාවල කිසිදු දේශපාලඥයෙක් සම්බන්ධ නෑ. මේකට තනිකරම වගකිව යුත්තේ හිටපු තේරීම් කමිටුව. එදා ක්‍රීඩාගාරයේ මමත් හිටියා. ඒ අපි දන්නේ නෑ අන්තිමේ සිදු වුණේ මොකක්ද කියල. එනිසා තමයි මම කියන්නේ දේශපාන අධිකාරිය මේකට අදාළ නෑ කියල. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් මේ ක්‍රියාවට සම්බන්ධයක් නැහැ.

News Unlimited: ඔබ පවසන පරිදි ඒ වන විට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන්ම කණ්ඩායම් සාමාජිකයන්ද මේ සම්බන්ධයෙන් දැන සිටියාද? අවසන් තරග ක්‍රීඩා කළ ආකාරය අනෙකුත් තරගවලට වඩා වෙනස් මුහුණුවරක් ගත්තා. ඔබ කියන්නේ අවසන් තරගය ක්‍රීඩා කරද්දිත් මෙම පාවාදීම සිදු වුණාද?
හිටපු අමාත්‍යවරයා:
අවසන් තරගය ක්‍රීඩා කරද්දීීීීත් මෙම පාවාදීමට අනුව ක්‍රීඩකයින් කටයුතු කළාද යන්න මට මේ මොහොතේ කියන්න බෑ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී කමිටුවට මේ සම්බන්ධයෙන් මම ප්‍රකාශය ලබා දීමෙන් පසුව ඔවුන් විසින් සිදු කරනු ලබන පරීක්ෂණයේදී එකින් එක මේ කරුණු හෙළි වේවි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment