‘කම්කරු ලොක්කාගෙන් පොඩ්ඩෙකුට මරණ තර්ජණ’

by admindasun
0 comment 291 views

කම්කරු දෙපාර්තමේන්තුවේ ඉහළම නිළධාරියෙකු විසින් එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිත අංශයේ කැපී පෙනෙන සේවකයෙකුට මරණීය තර්ජණ එල්ල කිරීම පිළිබදව එම නිළධාරියා විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

මෙසේ දුරකථනයෙන් පහළ ශ්‍රේණියේ නිළධාරියෙකුට තර්ජණය කළ බවට සැක පිට අතුරුගිරිය පොලිසිය විසින් කම්කරු දෙපාර්තමේන්තුවේ ඉහළම නිළධාරියා හෙට දින පොලිසියට කැදවා ඇත.

CIB 63/109 යන පැමිණිල්ලට අදාළ විභාගය හෙට දින සිදු කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් කරන ලද මුුුුුලික පරීක්ෂණවලට අනුව කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධානියාට පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත.

පසුගිය අප්‍රේල් 11 වනදා කම්කරු දෙපාර්තමේන්තුවේ හිටපු වෘත්තීය සමිති නායකයෙකුට මරණීය තර්ජණ එල්ල කරමින් දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර ඔහු ඒ බව ඊට පසුවදා පොලිසියට පැමිණිලි කර ඇත.

කෙසේ වෙතත් මේ පිළිබදව සැක සහිත පුද්ගලයන් පිළිබදවද තර්ජණය ලත් නිළධාරියා විසින් පොලිසියට දන්වා තිබුණද රටේ ඒ වන විට පැවැති කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා මෙම පැමිණිල්ල විභාග කිරීම ප්‍රමාද වී ඇත.

කෙසේ වෙතත් ඉන් පසුව පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණවලට අනුව ඔප්පු වී ඇත්තේ එසේ මරණ තර්ජණ එල්ල කරන ලද දුරකථන අංකය කම්කරු දෙපාර්තමේන්තුවේ ඉහළම නිළධාරියෙකුගේ බවයි.

ඒ අනුව ඔහුට පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත.

මෙසේ මරණ තර්ජණ එල්ල කිරීමට තරම් හේතුවක් තවමත් හරිහැටි අනාවරණය වී නොමැති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment