මෙම මාසයේදී පැවැත්වීමට නයමිතව තිබු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා පැවසුවේය.
එම සංචාරය අවලංගු කර ඇති බවට පැතිර යන කට කතාවලට පිළිතුරු ලෙස ඔහු මේ බව පැවසුවේය.
ඒ අනුව මේ වන විට සිදු වී ඇත්තේ තරගාවලිය කල් දැමීමක් පමණක් බවත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් PCR ඇතුළු අදාළ පරීක්ෂණ සිදු කර පැමිණෙන්නේනම් ශ්‍රී ලංකා රජය විසින් ඒ සදහා අවස්ථාව ලබා දීමට සූදානම් බවත් ඔහු කියා සිටියේය.
ඒ අනුව එළඹෙන අගෝස්තු මාසයේදී තරගාවලිය පැවැත්විය හැකි බවත් ද සිල්වා මහතා පැවසුවේය.
