මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු කොවිඩ් – 19 වසංගත තත්ත්වය වැළැක්වීම සම්බන්ධයෙන්වූූ සෞඛ්‍ය උපදෙස් මාලාව රෝග වැළැක්වීමේ පනත යටතේ ගැසට් කළ යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහාවූ ජනතා ව්‍යාපාරය (පැෆ්රල් සංවිධානය) පවසයි.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ කොවිඩ් – 19 වසංගත තත්ත්වය වසංගත තත්වය හමුවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍යය මාර්ගෝපදේශ මේ වන විටත් හඳුන්වාදී ඇති අතර ඒ අතුරින් ඇතැම් මාර්ගෝපදේශ ජනජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් ඉතා සාධනීය වුව ද සමහර නිර්දේශ මැතිවරණය අරභයා ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ හැකි ද යන්න සංවාදයක් දේශපාලන පක්ෂ ඇතුලූ විවිධ පාර්ශවයන් මතු කරමින් සිටින බවයි.
ඒ අනුව හැකි ඉක්මණින් මැතිවරණ ක‍්‍රියාවලියට සෘජුවම සම්බන්ධ වන දේශපාලන පක්ෂ ඇතුලූ අනෙකුත් පාර්ශවකරුවන් සමග විධිමත් සාකච්ඡාවක් කැඳවා එකඟතාවයකට එළඹිය යුතු බවත් ඒ අනුව එකඟවන යෝජනා නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ පනත යටතේ ගැසට් කර නිසි නෛතික බලයක් ලැබෙන වැඩ පිළිවෙළක් නිර්මාණය කළ යුතු බවටත් මැතිවරණ කොමිසමට යෝජනා කළ බව හෙට්ටිආරච්චි මහතා පවසයි.
තව දුරටත් අදහස් දැක්වූ ඔහුට අනුව එවැනි එකඟතාවයක් ඇතිකර ගැනීම හරහා මැතිවරණ ක‍්‍රියාවලියේ ප‍්‍රමුඛතම පාර්ශවයක් වන දේශපාලන පක්ෂ නියෝජිතයින් දැනුවත් වීම මගින් මෙකී නිර්දේශ පහසුවෙන් ක‍්‍රියාත්මක කිරීම සඳහා හැකියාවක් ලැබෙනු ඇත. එසේ නොවන තත්ත්වයක් තුළ කොතරමි යහපත් යෝජනා තිබුණ ද ඒවා ප‍්‍රායෝගිකව සහ ඵලදායක අයුරින් සමාජය තුළ ක‍්‍රියාත්මක කළ නොහැකි නමි ඉන් සිදුවනුයේ එකී මාර්ගෝපදේශ නොතකා හැරීම හේතුවෙන් මැතිවරණ ක‍්‍රියාවලිය තුළ අනවශ්‍ය ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය වීමයි.
