කොවිඩ් නීති රකින්න අපේක්ෂකයන්ගෙන් අත්සන් ගත යුතුයි

by admindasun
0 comment 69 views

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් රජයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදින බවට සහ නිර‌ෝධායන නීති ඊතිවලට අනුකූලව කටයුතු කරන බවටවූ එකගතා ප්‍රකාශයක් සදහා 2020 මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගෙන් සහ දේශපාලන පක්ෂ ප්‍රධානීන්ගෙන් අත්සන් ලබා ගත යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

රජ‌යේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසන පරිදි මෙම කාල සීමාව තුළ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් සහ  ඩෙංගු මර්දනය සම්බන්ධයෙන්ද ක්‍රියා කළ යුතුව ඇති බවත් ප්‍රායෝගිකව මේ වන විට පෙනෙන පරිදි එවැනි එකගතාවක් නැතිව මෙම කටයුතු සිදු කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇත.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන වෛද්‍ය අලුත්ගේට අනුව මහ මැතිවරණයට සූදානම් වන මෙම කාල සීමාව තුළ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමට ලබා දී ඇති සෞඛ්‍ය නිර්ණායක නියාමනය කිරීමේ පූර්ණ වගකීම හා අදාළ කාල සීමාව තුළ ඩෙංගු ර‌ෝග පාලනය වැනි අනෙකුත් මහජන සෞඛ්‍ය සේවා කටයුතු පවත්වා ගෙන යාමේ අභියෝගාත්මක වගකීම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්ය මණ්ඩල වෙත පැවරේ.

එනිසා අදාළ කටයුතු පහසු කිරීම සදහා සියලු මැතිවරණ අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂ ප්‍රධානීන් විසින් නියම කරන ලද සෞක්‍ය ආරක්ෂිත කුමවේදයන් සමග අනුගත වන බවටත් නිරෝධායන පනතේ කොන්දේසි උල්ලංඝණය නොකරන බවටත් සහතික කරන එකගතා ප්‍රකාශයක් සදහා අත්සන් තැබීම ඉතා වැදගත් වන බව වෛද්‍ය අලුත්ගේ පැවසුවේය.

තමන්ට මුහුණ දීමට සිදු වී ඇති ප්‍රායෝගික කරුණුු සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව මෙවැනි ක්‍රියාවලියක වැදගත්කම පිළිබදව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රාදේශීය ශාඛාද පෙන්වා දී ඇතැයි වෛද්‍ය අලුත්ගේ පවසයි.

තවද සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ආරක්ෂිත උපකරණ ලබාදීම, ප්‍රවාහන පහසුකම් සදහා අවශ්‍ය වාහන ලබා දීම, ප්‍රායෝගික කරුණු සැලකිල්ලට ගනිමින් මේ දිනවල සංවිධානය කරනු පොදු වැඩසටහන්වලට අවශ්‍ය මූලික පහසුකම් සැපයීම සහ අදාළ දීමනා න‌ොකඩවා ලබා දීම වැනි කරුණු කෙරෙහිත් රජයේ අවදානය යොමු විය යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අදාළ පාර්ශ්වයන් ලිඛිතව දැනුවත් කළ බවත් වෛද්‍ය අලුත්ගේ පැවසුවේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment