කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා මාස 03ක කාලයකට නැවතී තිබූ විශ්විද්‍යාල කටයුතු ආරම්භ කිරීමෙන් පසු පවතින තත්ත්වය පහව යනතෙක් විශ්වවිද්‍යාල තුළ හෝ ඒ ආශ්‍රිතව කිසිදු අයුරකින් සිසු ඒකරාශී වීම් සිදු කළ නොහැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එසේම කොවිඩ් – 19 වැළැක්වීමේ සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් වෛද්‍ය පීඨවල අවසන් වසර සිසුන් සදහා වන විභාග කටයුතු අද සිට අරඹන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
මෙහිදී විශ්වවිද්‍යාලවල පරිපාලන කාර්යා මණ්ඩලය සේවයට වාර්තා කළ යුතු අතර කොවිඩ් – 19 වැළැක්වීම සම්බන්ධයෙන්වූ සෞඛ්‍ය උපදෙස්වලට අනුව සියලු කටයුතු සිදු කෙරෙනුු ඇත.
අනෙකුත් පීඨවල අවසන් වසර සිසුන් සදහා විභාග කටයුතු මෙම මස 22 වන දින සිට අගෝස්තු 15 දක්වා අතර කාලය තුළ පැවැත්වෙන අතර විශ්වවිද්‍යාල තුළ මෙම කාලය තුළ කිසිදු අයුරකින් සිසුන් ඒකරාශී වීමක් සිදු නොකළ යුතු බවත් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව පවසයි.
හැකිතාක් මෙම කාලය තුළ නිවසේ සිට විශ්වවිද්‍යාලවලට පැමිණීමට සිසුන් කටයුතු කළ යුතු අතර නේවාසිකාගාර භාවිත කරන්නේනම් එක් කාමරයකට එක් සිසුවෙක් බැගින් සිටිය යුතුය.
