කොවිඩ් – 19 ආසාධනය වීම නිසා ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි පුද්ගලයෙක් අද උදෑසට මිය යාමත් සමග මෙරට කොවිඩ් – 19 ආසාධනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.
මෙසේ මිය ගොස් ඇත්තේ කුවේට් සිට පැමිණ කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට තහවුරු වී හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකු බවත් වෛද්‍ය ජාසිංහ පැවසුවේය.
මේ වන විට කොවිඩ් – 19 ආසාධනය වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 821ක් පමණ වන අතර 801 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.
ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ආසාධිත මුළු සංඛ්‍යාව 1633ක් පමණ වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
