නාවිකයින් සමග ගෆූර් ගොඩනැගිල්ල නිරෝධායනයට

by admindasun
0 comment 56 views

කොළඹ කොටුව ගෆූර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සාමාජිකයන්ගෙන් බාහිර සමාජයට කොවිඩ් – 19 ආසාධනය වීමේ අවදානමක් නොමැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසුවේය.

අද දින එම ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සාමාජිකයෙකුට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහුු කියා සිටියේ එම ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සාමාජිකයන් වැලිසර නාවික හමුදා කදවුරට අත්‍යවශ්‍ය සේවා සපයන අය බැවින් ඒ අය බාහිර සමාජයෙන් ඈත්ව සිටි අය බවයි.

මීට ටික කලකට පෙර නාවික හමුදාව විසින් මෙම ගොඩනැගිල්ල අලුත්වැඩියා කටයුතු සදහා බාර ගෙන එහි තම සාමාජිකයන් නේවාසිකව සිටි අතර පසුගිය අප්‍රේල් 21 වන දින පළමු නාවික හමුදා කොවිඩ් රෝගියා වාර්තා වීමත් සමග වැලිසර නාවික හමුදා කදවුරේ නිරෝධායනයට ලක් කෙරුණු අයට සේවා සැපයීම සදහා ඔවුන් අනුයුක්ත කළ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවසුවේය.

සාමාන්‍යයෙන් කොවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර ලබාදෙන සෞඛ්‍ය අංශයේ සාමාජිකයන්  මෙන් මෙම නාවික හමුදා සාමාජිකයන්ද වැලිසර නාවික හමුදා කදවුරට සේවා සැපයීමට පමණක් වෙන් කර සිටි බව ලුතිනන් කමාන්ඩර් සූරියබණ්ඩාර පැවසුවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ මෙම ගොඩනැගිල්ලේ නාවික හමුදා සාමාජිකයන් 200ක් පමණ ලැගුම් ගෙන සිටි අතර මෙම ගොඩනැගිල්ලද සමග ඒ සියලු දෙනා මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බවයි.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment