ශ්‍රී ලංකන් යළි අහසට

by admindasun
0 comment 60 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා නවතා තිබූූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් රටවල් 04ක් සදහා මේ වන විටත් ආරම්භ කර ඇති බව එම සමාගම පවසයි.

ඒ අනුව මේ වන විට එක්සත් රාජධානිය, ජපානය, හොංකොං සහ ඔස්ට්‍රේලියාව යන රටවල්වලට ගුවන් ගමන් ආරම්භ කර ඇතිි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය සංවර්ධන කළමනාකරු දීපාල් පෙරේරා පැවසුවේය.

අදාළ රටවල නිරෝධායන වැඩපිළිවෙළට අනුව මෙම සේවාව ක්‍රියාත්මක වන අතර එම රටවල්වල ද්විත්ව පුරවැසිභාවය මෙන්ම ස්ථිර පදිංචි බලපත්‍ර ඇති ශ්‍රී ලාංකිකයන් සදහා මෙම සේවාව ආරම්භ කර ඇති බවත් ඔහු කියා සිටියේය.

එසේම ශ්‍රී ලාංකික පුරවැසියෙකු එම රටවලට රැගෙන යන්නේ සති දෙකක නිරෝධායනයකට යටත්ව වන අතර වෙනත් මෙම රටවල් හතර හැරුණු කොට වෙනත් රටවල්වලටද යාමට අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් වේනම් ඒ සදහා පහසුකම් සැපයීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සූදානම් බවත් පෙරේරා මහතා පවසයි.

උදාහරණයක් ලෙස යම් කිසි අයෙකුට ඇමරිකා එක්සත් ජනපදයට යාමට අවශ්‍ය නම් ලන්ඩන් හරහා එම පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කරනු ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment