විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 6,000ක් ලංකාවට

by admindasun
0 comment 32 views

විදෙස් රටවල සිටි ශ්‍රී ලාංකියන් 6,000ක් පමණ මේ වන විට ලංකාවට ගෙන්වා ගෙන ඇති බව ජනාධිපති අතිරේක ලේකම් (විදේශ සබදතා) අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසුවේය.

තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටවල් 20ක පමණ සිට මේ වන විට 6,000කට අධික ශ්‍රී ලාංකිකයන් කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් මෙරටට ගෙන්වා ගෙන ඇති අතර එසේ ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ඉදිරියටද ක්‍රියාත්මක වන බවයි.

අද්මිරාල් කොළඹගේ පවසන පරිදි රටවල් 180ක පමණ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඔවුන් ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කර ඇති අතර මේ වන විට මුල් තැන ලබා දී ඇත්තේ ශිෂ්‍යයන් ගෙන්වා ගැනීම කෙරෙහි වන අතර ඉදිරියේදී අනෙකුත් පිරිස්ද ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ සම මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 40,000කගෙන් පමණ මේ වන විට මෙරටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් ලැබී ඇති බවයි.

මෙම වැඩසටහන යටතේ අද උදෑසනද බංගලාදේශයේ සිට 270ක පමණ පිරිසක් ලංකාවට පැමිණ ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment