ඊයේ දිනයේදී හදුනා ගැණුනු කොවිඩ් – 19 ආසාධිතයින් 25 දෙනාගෙන් 23 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන් බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
එසේම තවත් දෙදෙනෙක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් පවතින දෙදෙනෙක් බවත් ඔහු කියා සිටියේය.
මේ අතර අද දිනයේදීද කොවිඩ් – 19 ආසාධිතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ගෙන් 18 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා පිටව ගිය අතර ඒ අනුව සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 538 දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඩ් – 19 ආසාධනය වී මේ වන විටෙ රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 413ක් පමණ වන අතර මෙරටින් වාර්තා වුණු මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 960ක් පමණ වේ.
