යුතුකම ඉටු කර ‘ඉටුකම’ පොහොසත් කරමු!

by admindasun
0 comment 25 views

කොවිඩ් 19 සෞඛ්‍යය හා සමාජ ආරක්ෂණ අරමුදලට හුදී ජනයාටද දායක විය හැකි පරිදි ‘ඉටුකම’ අරමුදල ඇරඹීම ඉතා වැදගත්ය. ඒ සඳහා දායක වීම රටට ආදරය කරන සෑම රටවැසියකුගේම යුතුකම යි. ඒ සඳහා මහා සංඝරත්නය හා ජාතික සංවිධාන ජනයාට මඟ පෙන්වනු ඇතැයි අපේක්ෂා කරමු.

වැන්දඹු හා අනත්දරු අරමුදලට තම වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා රජයේ සේවකයන් ගෙන් කළ ඉල්ලීමට ධනාත්මකව ප්‍රතිචාර දැක්වීමද ඉතා වැදගත් වේ. ඒ උතුම් පරිත්‍යාගය සිය පවුලේ මෙන්ම රටේද සුරක්ෂිතතාවය වෙනුවෙන් එක විට කරන ඉතිරියකි; ආයෝජනයකි. වෘත්තිකයන් මේ අවස්ථාවේ රැකගත හැක්කේ රට රැකගැනීමෙන් පමණක්ය යන අවබෝධයෙන් කටයතු කිරීම වෘත්තීය සමිති නායකතාවයේද යුතුකම යි. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණට ඒ සඳහා නායකත්වය දිය හැකිය.

මෙලෙස රට වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන රට වැසියන් ඇගයීමට රජය කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එය, සිය මවුබිමට ආදරය කරන රටචැසියන්ට හිමි වන අගනා සිහිවටනයක් වනු ඇත.

  • ගෙවිඳු කුමාරතුංග
    සභාපති
    යුතුකම ජාතික සංවිධානය

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment