පසුගිය පැය 24ක කාලය තුළ වාර්තා වුණු කොවිඩ් – 19 රෝගීන් 27 දෙනාගෙන් 24ක්ම නාවික හමුදා සාමාජිකයන් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එසේම තවත් පුද්ලයන් දෙදෙනෙක් එම නාවික හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් වූ අතර තවත් එක් පුද්ගලයෙකු පසුගියදා ඩුබායිවල සිට මෙරටට පැමිණි පුද්ගයෙකු බවත් තහවුරු වී ඇති බව යුධ හමුදාපතිවරයා පැවසුවේය.
කොවිඩ් – 19 ආසාධනය වීමෙන් මෙරට රෝහල්වල ඊයේ වන විට ප්‍රතිකාර ලබමින් සිට රෝගීන් 564 දෙනාගෙන් රෝගීන් 370ක්ම නාවික හමුදා සාමාජිකයන් බව ඊයේ දත්තවලින් පෙන්නුම් කරන ලදී.
කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යාව අද උදෑසන වාර්තා වුණු රෝගියාද සමග 824 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය.
ඒ අනුව රෝගය වැළදීමෙන් රෝහල්ගත වී ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 583ක් පමණ වන අතර 232 දෙනෙක් සම්පූර්ණයෙන්ම සුවය ලබා පිටව ගොස් ඇති බවත් වසංගත රෝග ඒකකය පැවසුවේය.
