කොවිඩ් – 19 රෝගීන්ගේ සංඛ්‍යාව 823ක් වේ

by admindasun
0 comment 44 views

මධ්‍යම රාත්‍රි 12 පමණ විට නව රෝගීන් 18ක් වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යාව 823 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත‌ෙ රෝග විද්‍යා ඒකකය පැවසුවේය.

ඒ අනුව අද දිනයේදී පමණක් රෝගීන් 26ක් පමණ වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

අද දිනයේදීද සුවය ලබා පිටව ගිය අයද සමගින් පූර්ණ සුවය ලබා මේ වන විට නිවෙස් බලා පිටත්ව ගිය සංඛ්‍යාව 232 දක්වා ඉහළ ගොස් ඇති බවද එම වාර්තාවල සදහන් වේ.

මේ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 582ක් පමණ වන බවත් රජයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියා සිටියේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment