කල් දැමුණු EPL තරගාවලිය අවලංගු වන ලකුණු

by admindasun
0 comment 26 views

2020 මාර්තු 13 වන දින ආරම්භ වීමට තිබුණු එංගලන්ත ප්‍රීමියර් ලීග් (EPL) පාපන්දු තරගාවලිය අවලංගු කිරීමට සිදු වන තත්ත්වය උදා වී ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම තරගාවලිය සංවිධානය කරනු ලබන ලීග් කළමනාකරුවන්ගේ සංගමයේ ප්‍රධාන විධායක රිචඩ් බෙවන් පවසා තිබුණේ ක්‍රීඩා සමාජවලට අයත් නොවන සාමාන්‍ය ක්‍රීඩා පිටිවලදී ක්‍රීඩා තරග පැවැත්වීමට සංගම් එකග නොවන්නේනම් මේ වසරේ තරගාවලිය අවලංගු කිරීමට සිදු වන බවයි.

කණ්ඩායම් 92ක් අතර පැවැත්වෙන තරගාවලිය මේ වන විට ජුනි මස 12 වන දින ආරම්භ කිරීමට මේ වන විට කටයුතු යොදා ඇති බවත් වාර්තා වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment