අද දින; නව රෝගීන් 33 | සුවය ලැබූ 10 | මරණ 01

by admindasun
0 comment 42 views

අද රාත්‍රි 11.30 වන විට කොවිඩ් – 19 ආසාධනය වු නව රෝගීන් 33ක් හමුවීමත් සමග මෙරට කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යාව 751 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය.

එසේම රෝගය ආසාධනය වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 10 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද දින පිටව ගිය අතර ඒ අතර නාවික හමුදාවේ සාමාජිකයෙකුද විය. ඒ අනුව සුවය ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 194ක් පමණ වේ.

තවද මෙරටින් අද දින තවත් කොවිඩ් – 19 මරණයක් වාර්තා වුණු අතර ඒ අනුව මරණ සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගියේය.

එසේ මිය ගිය තැනැත්තිය 72 හැවිරිදි කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වූ අතර කොටිකාවත්ත සුසාන භූමියේදී ඇයගේ අවසන් කටයුතු සිදු කෙරුණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment