වනජීවී නිළධාරියෙක් දඩයක්කරුවන්ට බිලි

by admindasun
0 comment 54 views

ගල්ඔය ජාතික උද්‍යානයේ ඊයේ රාත්‍රි සිදු වූ වෙඩිතැබීමකින් තුවාල ලැබූූ වනජීවී අඩවි ආරක්ෂක නිළධාරියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්ත‌ේ ගල් ඔය ජාතික උද්‍යානයේ මුල්ලේගම අඩවි ආරක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කළ අධිකාරම් මුදියන්සේලාගේ සේනාධීර ප්‍රදීප් බණ්ඩාර නමැති මෑතකදී සේවට එක් වුණු අඩවි ආරක්ෂක නිළධාරියෙකි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරකට අනුව ගල් ඔය ජාතික උද්‍යානයේ ඊයේ රාත්‍රියේ වන ජීවී නිළධාරීන් විසින් දඩයක්කරුවන් අල්ලා ගැනීම සදහා හදිසි මෙහෙයුමක් දියත් කර ඇත. එහිදී දඩයක්කරුවන් හතර දෙනෙකු තම ග්‍රහණයට නතු කර ගැනීමට වන ජීවී නිළධාරීන් සමත්වුණු අතර ලද තොරතුරුවලට අනුව තවත් දඩයක්කරුවන් දෙදෙනෙකු ජාතික උද්‍යානය තුළ සැගවී සිටින බවට සැක සහිත බැවින් තව දුරටත් මෙහෙයුම ක්‍රියාත්මක වී ඇත. මෙම දඩයක්කරුවන් දෙදෙනා සොයා කරන ලද මෙහෙයුමේදී එක් අයෙකු විසින් එල්ල කළ වෙඩි පහරින් වනජීවී අඩවි ආරක්ෂක බණ්ඩාර මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනුව මෙම දඩයක්කරුවන් දෙදෙනා වනජීවී ප්‍රහාර හමුවේ ප්‍රති ප්‍රහාර එල්ල කරමින් පලා ගොස් ඇති බවත් වාර්තා වේ.

මිය යන විට 22 හැවිරිදි වියේ පසුවුණු බණ්ඩාර මහතා කුකුලංමුල්ල හංදිය, බුද්දම, මොණරාගල පදිංචිකරුවෙකි.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව මේ පිළිබදව වැඩිදුර විමර්ෂණ කටයුතු සිදු කරනු ලැබේ.

අනුග්‍රහය – තම්බපණ්ණි

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment