වෙනිවැල්ගැට ‌සොරුන් දකුණ‌ේ කැළෑ වනසයි

by admindasun
0 comment 102 views

ක‌ොවිඩ් – 19 වසංගත තත්ත්වය මැඩලීම සදහා සැම ‌දෙනාග‌ේ අවධානය ‌යොමු වී ඇති ‌මේ ‌මොහොතේ දකුණු පළාතේ වන රක්ෂිතවල මහා පරිමාණයෙන් ‌වෙනිවැල්ගැට කැපීම සිදු ‌කෙරනෙ බව වන සංරක්ෂණ ‌දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇත.

මේ සම්බන්ධයනේ News Unlimited ‌වෙත අදහස් දැක්වූ අඩවි වන නිළධාරියකෙු පැවසුවේ පසුගිය මාසය පුරාවට පැවැති ඇදිරි නීතිය තත්ත්වය ‌හේතු‌ෙකොටගෙන නිවසට වී සිටින ‌ලෙස ජනතාවට දැන්වුවද කිසිදු අවසරයකින් ‌‌තොරව වන සංරක්ෂණ ‌දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතවලට අනවසරයෙන් ඇතුළු වී ‌වෙනිවැල්ගැට කපා නිවෙස්වවල ‌ගෙනවිත් පසුව කිලෝ ගානට විකිණීම සිදු ‌කෙරෙන බව තමන්ට වාර්තා වී ඇති බවයි.

මෙනිසා ‌මේ දිනවල ‌ෙවෙනිවැල්ගැට කිලෝවක මිල රු. 1,000ක් පමණ වන බවත් ඔහු කියා සිටියේය.

තව දුරටත් ‌මෙම පරිසර පද්ධතිවලට ඇතිවිය හැකි තර්ජණ ‌හේතුවෙන් ‌මෙම නීති විරෝධී කටයුත්ත සිදු ‌කෙරනෙ රක්ෂිතවල නම් ‌හෙළි කළ ‌නොහැකි බව පැවසූ ඔහු කියා සිටි‌යේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන වන රක්ෂිතවල ‌මෙම නීති විරෝධී කටයුතු සිදු වී ඇති බවය.

කෙසේ ‌වෙතත් වන සංරක්ෂණ ‌දෙපාර්තමේන්තුවේ වැටළීම්වලදී ‌මෙසේ නීති විර‌ෝධීව ‌වෙනිවැල්ගැට රක්ෂිතයෙන් ඉවත් ‌කරන පිරිස් තම ග්‍රහණයට හසු කර ගැනීමට හැකිවූ බවත් ඔහු කියා සිටියේය.

මෙවන් වැටළීම් සිදු කළ අවස්ථාවන්හිදී සමහර සැකකරුවන්ගෙන් තමාටද තර්ජණ එල්ල වූ බවත් එම අඩවි වන නිළධාරියා පැවසු‌වේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment