බාර් වැසී‌මෙන් බිලයන ගණනක් ගිලගනී

by admindasun
0 comment 105 views

ක‌ොවිඩ් – 19 වසංගතය පැතිරීම වැළැක්වී‌ෙමේ පියවරක් ‌ලෙස පසුගිය මාර්තු මස 20 වන දින සිට මාසයක කාලයක් පුරා ක්‍රියාත්මක කරන ලද ඇදිරි නීතිය හ‌ේතු‌ෙවෙන් ‌මෙරට සුරා සල් වසා තැබීම නිසා රජයට සිදු වී ඇති පාඩුව බිලියන ගණනක් බවට ගණන් බලා තිබේ.

ඒ පිළිබදව අදහස් දක්වමින් නියෝජ්‍ය සුරාබදු ක‌ොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ සාමාන්‍යයෙන් සුරාසල් විවෘතව තබන අවස්ථාවලදී සුරාබදු ආදායම ‌ලෙස දිනකට මිලියන 500ක පමණ මුදලක් රජයට ලැබෙන බවයි.

එහතේ පසුගිය මාසයක පමණ කාලයක් තුළ එම ආදායම මුළුමනින්ම අහිමි වී ඇති අතර එමගින් බිලියන ගණනක මුදලක් රජයට අහිමි වී ඇතිි බවත් කුමාරසිංහ මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ කුමාරසිංහ මහතාට අනුව සාමාන්‍යයෙන් සුරාබදු ‌දෙපාර්තමේන්තුව‌ට වසරේ වැඩිම ආදායමක් ලැබෙන මාස ‌ලෙස ‌දෙසැම්බර් සහ ජනවාරි මාස හැදින්විය හැකිය. එහෙත් ‌මෙවර අඩුම ආදායම ඇති මාසය ‌ලෙස ‌මෙම මාසය ඉතිහාසගත වනු ඇත.

සුරාබදු ආදායමෙන් වසරකට බිලියන 100කට වැඩි මුදලක් රාජ්‍ය ආදායමට එකතු වන අතර එය රජයේ ප්‍රධාන ආදායම් මාර්ගවලින් එකකිි.

කෙසේ ‌වෙතත් අප්‍රෙල් 20 දින සිට ඇදිරි නීතිය ලිහිල් ‌කෙරෙන කාලය තුළ යළි සුරාසල්වලට රජයේ ස‌ෞඛ්‍ය නීති ඊතිවලට යටත්ව නියමිත පැය ගණනක් ව්‍යාපාර කටයුතු සදහා විවෘතව තැබීමට රජය අවසර ලබා දී ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment