පාස්කු ප්‍රහාරකයින්ගේ ‌දෙවන වෑයම අඩාල ‌වෙයි

by admindasun
0 comment 100 views

පසුගිය වසරේ අප‌්රේල් මස 21 වන දින පාස්කු ප්‍රහාරය සැළසුම් කළ බවට සැක කරන සහරාන් ඇතුළු කණ්ඩායම විසින් ඒ ආකාරය‌ේම ‌දෙවන පෙළ ප්‍රහාර මාලාවක්ද සැළසුම් කර තිබූ අතර ‌මෙරට බුද්ධි අංශවලිිිින් අනාවරණය කරගත් කරුණු ‌හේතුවනේ එම ප්‍රහාර මාලාව දියත් කිරීමට ‌නොහැකි වූ බව ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‌පොලිස් අධිකාරී ජාලිය ‌සේනාරත්න මහතා පැවසුවේය.

රජය‌ේ ප්‍රවෘත්ති ‌දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වැඩි දුරටත් ඔහු කියා සිටියේ සහරාන් නමැති පුද්ගලයාග‌ේ කණ්ඩායම ‌දෙකට ‌බෙදී ඇති බවට ප්‍රචාරයන් සිදු කර ඇත්තේ ආරක්ෂක අංශ සහ තරුණ පිරිස් ‌නොමග යැවීමට බවත් එසේ ‌නොමග යැවීමෙන් පසු තවත් ප්‍රහාරයක් සැළසුම් කර තිබී ඇති බවත්ය.

තවදුරටත් ‌ඔවුන් විසින් සිදු කරන ලද සැළසුම් රැසක් ‌මේ වන විට ‌‌හෙළිිිිිිදරව් වී ඇති බවත් ‌පොලිිිිස් අධිකාරී ‌සේනාරත්න මහතා පැවසුවේය.

කලාපයේ ‌වෙනත් රටක ප්‍රහාරයක් සිදු ‌කොට ‌මෙරටට විත් සැගවී සිටීමටද සැළසුම් කර තිබූ බවත් ‌මේ වන විට හෙළි කරගත් ‌තොරතුරු අතර ‌වන බව ඔහු කියා සිටියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව ‌පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට 197ක් පමණ ‌මේ වන විට අත් අඩංගුවට ‌ගෙන ඇති අතර විමර්ෂණ කටයුතු තවදුරටත් සිදු ‌කෙරෙමින් පවතී.

පසුගියදා ‌මේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගත් නීතිඥවරයාට අත්අඩංගුවට ගැනීමට තරම් සාක්ෂි බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබූ බවත් ‌මේ වන විට ඔහු රැදවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්න කරන බවත් කියා සිටියේය.

මාධ්‍ය‌ෙවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ‌දෙමින් ප‌ොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අදාළ නීතිඥයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ‌ගෙන ඇති බැවින් ‌මේ ‌අවස්ථාවේ ඇප ලබා දිය ‌නොහැකි බවයි.

මීට ‌පෙරද එම පුද්ගලයාගෙන් ‌මේ සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ‌‌ගෙන තිබුණද එම විමර්ෂණ කටයුතු යම් ස්ථානයකදී අඩපණ වී ඇති අතර යළි එම විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් ‌පොලිස් අධිකාරී ‌සේනාරත්න මහතා පැවසු‌වේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු ‌කෙරෙන පරීක්ෂණවලට විවිධ පුද්ගලයන්ගෙන් බලපෑම් එල්ල වන්නේද කියා මාධ්‍යවේදියෙක් විමසූ විට ‌පොලිස් අධිකාරීවරයා ඒ බව ප්‍රතික්ෂේප කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment