කොවිඩ් – 19 රෝගීන් වැඩි වශයෙන් හමුවන්නේ ඇයි?

by admindasun
0 comment 26 views

මේ දිනවල කොවිඩ් – 19 රෝගීන් වැඩි වශයෙන් හමුවීමට හේතුව සැක සහිත නේවාසිකව සිටින පුද්ගලයන්ගේ ඒ සදහා කෙරෙන පරීක්ෂණ වැඩි කිරීම බව වෙෙද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෙෙද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.

ඔහු පැවසුවේ ලංකාව පුරා කොවිඩ් – 19 හදුනාගැනීමේ පරීක්ෂණ ස්ථාන 10කට ආසන්න ප්‍රමාණයක් අලුතින් ස්ථාපිත කර ඇති බවයි.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ඉදිරි දිනවලදී මෙසේ රෝගීන් හදුනා ගැනීම තවදුරටත් ඉහළ යා හැකි අතර එය නියමාකාර වැඩපිළිවෙළකට අනුව සිදු කෙරෙන බවයි.

මේ පිළිබද අදහස් දැක්වූ වෙෙද්‍ය ජයරුවන් බණ්ඩාරට අනුව මෙසේ හමුවන පිරිස නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවුවත් තව දුරටත් අප සාමාජයේ රෝගී ලක්ෂණ පෙන්නුම් නොකළද රෝගය පැතිරවිය හැකි ආසාධිතයන් සිටිය හැකිය. එම නිසා තවදුරටත් තම කටයුතු නිවසට පමණක් සීමා කරන ලෙසත් ඔහු මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඉදිරි දිනවලදී මෙසේ කොවිඩ් – 19 හදුනා ගැනීම සදහා සැක සහිත පුද්ගලයන් අතර සිදු කෙරෙන පරීක්ෂණ තවදුරටත් ඉහළ දැමීමට කටයුතු කරන බවත් වෙෙද්‍ය බණ්ඩාර පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment