කොවිඩ් – 19 පැතිරීම සම්බන්ධයෙන් අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල හැර ශ්‍රී ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්කවල මේ වන විට ක්‍රියාත්මක වන ඇදිරි නීතිය හෙට (අප්‍රේල් 16) උදේ 06ට ඉවත් කෙරෙන අතර නැවතත් සවස 06 සිට ක්‍රියාත්මක කරන කෙරේ.
මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ හෙට සවස 06 පනවන ඇදිරි නීතිය එම ප්‍රදේශවලට අප්‍රේල් 20 වනදා (සදුදා) උදේ 06 දක්වා ක්‍රියාත්මක වන බවයි.
කෙසේ වෙතත් යළි ඇදිරි නීතිය පනවන වේලාව පසුව දැනුම් දෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල මේ වන විට නොකඩවා ක්‍රියාත්මක වන ඇදිරි නීතිය තව දුරටත් එළෙසින්ම ක්‍රියාත්මක වන අතර ලිහිල් කිරීමක් පිළිබදව තවමත් තීරණය කර නොමැත.
