‘රන්ජන්ගේ නිවසට ආවේ හොර භෞතචිකිත්සකයෙක්’

by admindasun
0 comment 31 views

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී නිළ නිවාසයට ඇදිරි නීතිය කඩ කරමින් පැමිණි පුද්ගලයා භෞත චික්ත්සකයෙකු ලෙස ඔහු විසින් පොලිසියට පැවසුවද එම පුද්ගලයා එසේ නොවන බව රජයේ භෞතචිකිත්සක නිළධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ භෞතචිකිත්සක නිළධාරීන්ගේ සංගමයේ සභාපති ධම්මික පද්මසිරි මහතා News Unlimited කළ විමසුමකදී කියා සිටියේ හිටපු මන්ත්‍රීවරයා පැවසූ පරිදි අදාළ පුද්ගලයා ක්‍රීඩා අමාත්‍යංශයේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක හෝ නිළධාරියෙක් නොවන බවයි.

තවදුරටත් අදහස් දැක්වූ පද්මසිරි මහතාට අනුව අදාළ පුද්ලගයාගේ නම මේ වන විට රජයේ භෞතචිකිත්සක නිළධාරීන්ගේ සංගමය විසින් සොයාගෙන ඇති අතර ඔහු මෙම විෂය සම්බන්ධව කිසිදු වෘත්තීය සුදුසුකමක් නොමැති පුද්ගයෙකු නොවේ.

කෙසේ වෙතත් භෞත චිකිත්සකයන් ලෙස පෙනී සිටිමින් සාමාජය නොමග යවමින් සිටින මෙවැනි ව්‍යාජ පුද්ගලයන් ගැන මීට පෙර කිහිප විටක් තම සංගමය රජයට දන්වා ඇතත් මේ වන තෙක් ඒ පිළිබදව පියවරක් නොගෙන ඇති බවත් පද්මසිරි මහතා පැවසුවේය.

සුදුසුකම්ලත් රාජ්‍ය සේවයේ යෙදී සිටින භෞත චිකිත්සකයන් කොවිඩ් – 19 රෝගීන්ගේ ශ්වසන පද්ධතිය සක්‍රීයව පවත්වා ගැනීම සදහා අවශ්‍ය කටයුතු සම්පදානය කරමින් සිටින මෙවන් මොහොතක හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මෙවැන විෂමාචාරවල යෙදෙන්නන්ට රජයේ භෞතචිකිත්සකයෙකු යැයි පැවසීම දැඩි පිළිකුලෙන් යුතුව රජයේ භෞතචිකිත්සක නිළධාරීන්ගේ සංගමය හෙළා දකින බවත් පද්මසිරි මහතා පැවසුවේය.

මෙම සිද්ධිය ඇති වූ අවස්ථාවේ සිදු කරන ලද වීඩියෝ පටයට අනුව හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසන්නේ අදාළ පුද්ගලයා ක්‍රිඩා අමාත්‍යංශයේ භෞත චිකිත්සකවරයා බවයි. කෙසේ වෙතත් හිටපු මන්ත්‍රීවරයා සමග එම පුද්ගලයාද පොලිස් අත්අඩංගුවට පත්වූ අතර අද දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රාමනායක මහතා මෙම මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment