පීබීට පිළිතුරු දෙන්න මැතිවරණ කොමිසම 15දා රැස්වේ

by admindasun
0 comment 6 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය පැතිරී යන ස්වභාවය අනුව මැයි මැයි මස අවසන් සතියේද පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති අතර එනිසා පාර්ලිමේන්තුව විසුරුවාලීමෙන් මාස 03ක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්වීමට නොහැකි වන නිසා ඒ පිළිබදව ශ්රේෂ්ඨාධිකරණ මතය විමසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් යවන ලද ලිපියට පිළිතුරු ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා විසින් ඊයේ දින මැතිවරණ කොමිසමට යොමු කළ ලිපිය සාකච්ඡාවට භාජනය කිරීමට කොමිසම අප්‍රේල් මස 15 වන දින රැස්වීමට නියමිත බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපති ලේකම්වරයා විසින් තමා වෙත එවන ලද ලිපිය ලැබුණු බවට ඔහුට දන්වා යවන බවයි.

ජනාධිපතිවරයාගේ ලිපිය සම්බන්ධයෙන් වන පිළිතුරක් වෙතොත් මැතිවරණ කොමිසම රැස්වීමේදී ඒ බව තීරණය කරන බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment