කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, යාපනය සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක 19 තුළ අද සවස 02 සිට ක්‍රියාත්මක වන ඇදිරි නීතිය අප්‍රේල් මස 09 වන දින උදේ 06 ඉවත් කෙරෙන අතර එදින සවස 04 සිට යළි ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
බස්නාහිර පළාත ඇතුළුව මහනුවර, පුත්තලම සහ යාපනය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක ඇදිරි නීතිය යළි දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ සදහන් වේ.
එසේම රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයටම අද සිට අප්‍රේල් 10 වනදා දක්වා නිවසේ සිට වැඩ කරන දින ලෙසද ප්‍රකාශයට පත් කර ඇත.
