නිවසට කොටුවූ ජනතාවට ආරක්ෂක අංශවලින් අස්වැසිල්ලක්

by admindasun
0 comment 49 views

ශ්‍රී ලංකා යුධ හමුදා, නාවික හමුදා සහ පොලිස් තූර්ය වාදක කණ්ඩායම් කොළඹ තට්ටු නිවාසවල ජනතාවගේ ඒකාකාරී බව නැති කිරීමට විවිධ ප්‍රසංග පැවැත්වීමට කටයුතු කළේය.

මෙහිදී ශ්‍රී ලංකා පොලිස් තූර්ය වාදක කණ්ඩායම මරදාන ප්‍රදේශයේ තට්ටු නිවාසවලට කොටුවූ ජනතාව වෙනුවෙන් සෙනසුරාදා රාත්‍රි විවිධ ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලද අතර ඒ සදහා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද සහභාගී වී සිටියේය.

තවද මෙම අවස්ථාවේදී කොවිඩ් – 19 වසංගතය වැළැක්වීම සම්බන්ධයෙන් උපදෙස් සහිත කෙටි දෙසුම් කිහිපයක්ද පැවැත්විණි.

ශ්‍රී ලංකා යුධ හමුදා තූර්ය වාදක කණ්ඩායම ඉදිරිපත් කළ විවිධ ප්‍රසංගය ඉරිදා දවල් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය අසළ දී පැවැත්වුණු අතර ඒ සදහා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද සිල්වා මහතාද සහභාගී වී සිටියේය.

භාතිය සන්කූෂ් ඇතුළු කලාකරුවන්ද සහභාගී වූ මෙම ප්‍රසංගයට හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ ජනතාවගෙන් ඉමහත් ප්‍රතිචාර හිමිවිය.

ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමද මෙවැනිම ප්‍රසංගයක් ඉදිරිපත් කළේ ටොරින්ටන් මහල් නිවාස සංකීර්ණය අසළදීය.

ඒ සදහාද ජනතාවගෙන් ඉතාමත් පැසසුම් සහිතව ප්‍රතිචාර ලැබුණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment